කුමාරි අක්කා

කුමාරි අක්කා
20/20 ක්‍රිකට් පිටියේ දී මේ දක්වා වාර්තා වී ඇත්තේ කඩුලු ත්‍රිත්ව 8ක් පමණ යි. ඒ අතුරින් 20/20 කඩුලු ත්‍රිත්ව 2ක් ලබාගත් එකම පන්දු යවන්නා බවට පත්වීමේ වාසනාව මාලිංගට හිමිවුණේ නවසීලන්තයට එරෙහිව පිට පිටම පන්දු 4කින් කඩුලු 4ක් ලබාගනිමින්. එහිදී මුන්රෝ සහ ග්‍රෑන්ඩ්හොම් කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවී යන විට රදර්ෆඩ් සහ ටේලර් දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින්. මාලිංග 20/20 තරගවල දී මුල්ම කඩුලු ත්‍රිත්වය වාර්තා කළේ 2017 වසරේ බංග්ලාදේශයට එරෙහිව යි. කොළඹ ආර් ප්‍රේමදාස පිටියේ පැවති එම තරගයේ දී රහීම්, මොර්ටාසා, සහ මෙහෙදි හසන් යන පිතිකරුවන් මාලිංගගේ කඩුලු ත්‍රිත්වයට ගොදුරු වුණා. එහිදී රහීම් සහ මොර්ටාසා කෙලින්ම පන්දුව කඩුල්ලේ වැදී දැවීයන විට මෙහෙදි දැවීගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙන්. ඒ අනුව මාලිංග ලබාගත් මෙම කඩුලු ත්‍රිත්ව 2හි දක්නට ලැබෙන සුවිශේෂ ලක්ෂණය වන්නේ ඔහු කණ්ඩායමේ කිසිදු ක්‍රීඩකයෙකුගේ සහයෝගය නොමැතිව එම කඩුලු ත්‍රිත්ව ලබාගෙන තිබීම යි. 

Read More>>

Comments